Home Hit ට්‍රැක්ටර් අනතුරින් මිය ගිය සංඛ්‍යාව 6ක් වෙයි

ට්‍රැක්ටර් අනතුරින් මිය ගිය සංඛ්‍යාව 6ක් වෙයි

293
0

පොලොන්නරුව දිඹුලාගල මිහිඳු පෙරහැර නැරඹිමට ගොස් නැවත ගමන් කරමින්  සිටියදි කොළකනාවාඩිය ප්‍රදේශයේ දි සිදු වු  ට්‍රැක්ටර් -වෑන්රථ අනතුරෙන් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි තවත් අයෙකු අද (20දා) දින මියගිය බව වැලිකන්ද පොලීසිය කියයි. 

 පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ  වැලිකන්ද සෙවණපිටිය ප්‍රදේශයේදී ඉකුත් (19) දින  අලුයම අත්ට්‍රැක්ටරයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන්  පස්දෙනෙකු මිය ගියගොස් 12 දෙනෙකු තුවාල ලබු අතර එම තුවාලකරුවන්ගේන් එක් අයෙකු පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දි මෙසේ මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බෝඅත්ත ගම්මානයේ පදිංචි  එන්. වී. වසන්ත  නැමැති (45) හැවිරිදි  අයෙකි. මෙම අනතුරෙන් මෙම පුද්ගලයාගේ බිරිද අනතුර සිදු අවශ්තාවේ දිම මියගොස් තිබේ. මෙම මරණයත් සමග එම අනතුරෙන් සිදු වු හයවෙනි  මරණය බව පොලිසිය පවසයි.

ඩබ්. ඒ. පියතිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here