Home Hit ”ජනපති අපේක්ෂකයෙක් වෙන්න මූලික සුදුසුකම් මටත් තියෙනවා” – තිස්ස අත්තනායක (VIDEO)

”ජනපති අපේක්ෂකයෙක් වෙන්න මූලික සුදුසුකම් මටත් තියෙනවා” – තිස්ස අත්තනායක (VIDEO)

328
0

පෞද්ගලික න්‍යාය පත්‍රයකින් තොරව රට වෙනුවෙන් ඉදිරිපත් වන නායකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දැක්වීමට තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ හලාවත ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අදහස් දැක්වූ හිටපු මහලේකම්වරයා,

”මම දැන් ඉන්නේ නිදහස් පුරවැසියෙක් විදියට. විශේෂයෙන් මේ සියල්ල ගැන මම හිතන්නේ බලන්නේ රටේ අනාගතය කොහොම වෙයිද කියලා. රටට ඕන දේශපාලන ස්ථාවරත්වය මුලින්ම ගොඩනගන්න. මේ මාස 03, 04 රට මහා විශාල අරාජික තත්වයකට යමින් තිබෙනවයි කියලා පැහැදිලියි. මේකෙන් ගලවාගැනීම සඳහා කිසියම් වූ උත්සාහයක් දරන පිළිගත හැකි නායකයෙක් එක්ක වැඩකරන්න සුදානම්. හැබැයි ඒ කවුරුන්ද කියන එක දැන්ම කියන්න කාලය වැඩියි කියලා මම හිතනවා.”

එහිදී මාධ්‍යවේදියකු කළ විමසීමකදී ජනපති අපේක්ෂකයෙක් වෙන්න මූලික සුදුසුකම් තමන්ද සපුරා ඇති බවයි ඔහු කියා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here