Home Hit කල්මුණේ හර්තාල්

කල්මුණේ හර්තාල්

572
0

කල්මුණේ උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන කාර්යාලයක් ලෙසට පත්කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශයේ දෙමළ ජනතාව හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

මේ වන විට කල්මුණේ නගරයේ වෙළඳසැල් රැසක් වසාදමා ඇති බව වාර්තාකරු පැවසුවේය.

ඒ කල්මුණේ උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන කාර්යාලයක් ලෙස පත්කරන ලෙස ඉල්ලමිනි.

ඒ අනුව මේ වන විට එම ප්‍රදේශයේ වෙළඳසැල් රැසක් වසා දමා ඇති අතර ප්‍රදේශයේ දෛනික කටයුතු වලටද බාධා එල්ල වී ඇත.

මෙම අවස්ථාවට එක්වෙමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි ප්‍රකාශ කර සිටියේ මුස්ලිම් ප්‍රාදේශීය ලේකම්වරු සහ නිලධාරීන් අයථා පරිදි මෙම ප්‍රදේශයේ භූමිය පරිහරණය කරන බවත් මේ සඳහා ඉක්මන් තීරණයක් බලාපොරොත්තු වන බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here