Home Hit දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට සැරසෙයි

දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට සැරසෙයි

173
0

දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට අයත් වෘත්තීය සමිති සාමාජිකයින් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, දුම්රිය සේවක ශ්‍රේණිවල විෂමතාවය ඉවත් කිරීම් සම්බන්ධයෙන් අනුමත වූ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමිනුයි.

දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් වැඩ වර්ජනයට එක්වන බවයි දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න පැවසුවේ.

මේ පිළිබඳව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ගැටලුවට මුහුණ දී සිටින වෘත්තීය සමිති නියෝජිතයින් සමග අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

ඉන් අනතුරුව හෙට දිනයේ ඔවුන් හා ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන්, මුදල් අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here