Home Local බත් දුන් පියා:ඩඩ්ලි සේනානයකයන්ගේ 109 වන ජන් ම දිනය අදයි

බත් දුන් පියා:ඩඩ්ලි සේනානයකයන්ගේ 109 වන ජන් ම දිනය අදයි

650
0


1973 අප්‍රේල් මස 13 වන දින මිය ගිය ශ්‍රේෂ්ට පුද්ගලයකු වන ඩඩ්ලි සේනානයකයන් ගේ 109 වන ජන්ම දිනය යෙදී තිබෙන්නේ අද දින යි.  ඔහු මිය ගියේ අගමැතිවරයෙකු වශයෙන් පමණක් නොවේ. බොහෝ මිනිසුන් ආදරය කළ ආදරණීය රාජකීයෙකු වශයෙනි.

ඔහු පසුබට නොවූ දේශපාලන නායකයකු වශයෙන් මෙරට දේශපාලන ඉතිහාසය තුළ නම තැබූවෙකි. ඔහු ගේ පියා ගේ අභිමතය පරිදි ඔහු දේශපාලනයට තල්ලු වූ අතර ප්‍රබල පෞර්ෂයකින් හෙබි නායකයකු වශයෙන් ප්‍රකට විය. ඔහු මවුන්ට් ලැවීනියා හි ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ කේම්බ්‍රිජ් විද්‍යාලයෙන් අද්‍යාපානය ලැබූ අතර ක්‍රීඩාවට විශේෂ දස්කම් දැක්වූ පුද්ගලයෙකු විය.

ශාන්ත තෝමස් විද්‍යාලයේදී ඔහු හොදම තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි වික්ටෝරියා සම්මානය ලබා ගත් අතර ක්‍රිකට්, බොක්සින්, හොකී සහ මලල ක්‍රීඩා සදහා වර්ණදිනා ගත්තේ ය. කේම්බ්‍රිජ් හි දී ද ඔහු තම විද්‍යාලය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ අතර බොක්සිං සදහා කේම්බ්‍රිජ් නිල් දිනාගත්තේ ය. කණ්ඩායම් හැගීම ඇතුලු ක්‍රීඩකයෙකු සතු විය යුතු බොහෝ ගුණාංග ඔහු ගේ ජීවිත කාලය පුරාම පැවතුණි.  ඔහු සෑම විටක දී ම වැරද්දට අවංක විය.

ඩඩ්ලිගේ  සහජ අවංක භාවය, සරල බව, විනෝදකාමි බව මෙන් ම ඔහු තුළ පක්ෂයට තිබූ පක්ෂපාතීත්වය ද අගය කළයුතු කාරණා ය. ඔහු ද වත්මන් එක්සත් ජාතික පක්ෂ නායකයා මෙන් අපහාස උපහාස වලට ලක් වූවෙක් වුවද කිසි දා පසුබෑමට ලක් වුවෙක් නොවී ය. ඔහු හැවිටම අනෙකා ඔවුන් ගේ වටිනාකමට අනුව ගෞරවයට පාත්‍ර විය යුතු යැයි තරයේ විශ්වාස කළ අයෙක් විය.ජාති ආගම් නිසා කිසිවෙකුත් වර්ග නොකළ යුතු යැයි ඔහු පැවසීය. ඔහු තම චින්තනයෙ ම ප්‍රබල ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක් විය. ඔහු දේශපාලන වාසි තකා බොරු පොරොන්දු දුන් අයෙක් නොවී ය. ඔහු ඔහුට ම අවංක වූ සෘජු මාවතක් තෝරාගත් අතර එහි ගමන් කළේ ය.

ඩඩ්ලි සේනානායකයන්  විදායක ජනාදිපති දූරයට තදින් ම විරුද්ද වූ පුද්ගලයෙකු විය.  ඔහු පැසුවේ මේ රටේ සියලු දුක් දෝමනස්සයන්ට හේතුව එක් පුද්ගලයෙකුගේ අත්තනෝමතික බලය බව ඔහු හැමවිටම පැවසූවකි.  දේශපාලන නිදහස හා සමාජ සාදරණත්වය වෙනුවෙන් ඔහු සටන්කාමියෙකු විය.

අප ගේ ඉතිහාසයේ සුවිශේෂි චරිතයක් වූ ඩඩ්ලි සේනානායකයන් 1971 දී තරුණ කැරල්ල පිළිබදව පාර්ලිමේන්තුවේදී කළ කතාවේ කොටසක් මෙහි දී මතක් කිරීම වටී.

“ ඔවුන් ගේ ආර්තික මංමුලාසහගතභාවයෙන් හා සමහර අයුක්තිසහගත කොටස් වලින් අනෙක් අය ප්‍රයෝජන ගත්තෝ ය. ත්‍රස්තවාදී ක්‍රම අනුගමනය කිරීමට හේතු වන්නේ, තරුණයන් ගේ සංවෙදිතාවය්න්ගෙන් අයුතු ප්‍රයෝජන ලබා ගැනීම, ඔවුන් ව දේශපාලන අරමුණු වෙනුවෙන් උපයෝගි කර ගැනීම, විදේශ රටවලින් ලැබෙන කඩාකප්පල්කාරී වැඩ පිළිබද පුහුණුව ආදියයි”

ඩඩ්ලි සේනානාය්ක යනු දේශපාලන දර්ශනයකි. එය මෙරට දේශපාලනය තුළ ප්‍රායෝගික නොවීම ඛේද්වාචකයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here