Home Environment සෝමාවතියෙත් වන සංහාරයක්

සෝමාවතියෙත් වන සංහාරයක්

371
0

සෝමාවතිය ජාතික වන උද්‍යානයේ මංතලාව ප්‍රදේශයේ අක්කර ගණනක් එලි පෙහෙලි කර අනවසරයෙන් වගා කිරීමට සුදානම් කර ඇතැයි වාර්තා වෙයි.

මේ බව අනාවරණ වී ඇත්තේ පොලොන්නරුව ශාඛ්‍යබිම්බාරාම විහාරාධිපති පූජ්‍ය යටිහලගල උපතිස්ස නාහිමි ඇතුළු පිරිසක් එහි සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුවයි.

මෙලෙස සෝමාවතිය ජාතික වන උද්‍යානයේ මංතලාව ප්‍රදේශයේ අක්කර ගණනක් එලි පෙහෙලි කර අනවසරයෙන් වගා කිරීමට සුදානම් කර ඇති ආකාරය පිරිසට නිරීක්ෂණය වුණි.

වගා බිම සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීමට වාරි ඇලක්ද වන උද්‍යානය ඇතුලතින් කැණීම් කර ඇත්තේ බැකෝ යන්ත්‍රයක් භාවිත කරමිනි.

එම අවස්තාවේ ලද තොරතුරක් අනුව සිදුකල වැටලීමකින් සුංගාවිල වනජීවි කාර්යාලයේ නිලධාරීන් ඩෝසරය හා එහි ක්‍රියාකරු අත්අඩංගුවට ගැනුනත් එම අවස්ථාවේ වනජීවි නිලධාරීන්ට පහර දීමක් ද සිදුව ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඊට අදාලව එක් අයෙකු අත්අඩංගුවට ගැනුනත් සිද්ධියට අදාල තව පස් දෙනෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

අවසරයකින් තොරව මෙම උද්‍යානයට ඇතුල්වීමටවත් නොහැකි බව සුංගාවිල වනජීවි කාර්යාලයේ නිලධාරීන් පැවසූවත් මේ වන විනාශය කළ පුද්ගලයින් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැතැයි ජනතාව චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here