Home Hit රන්වීර් කොළඹ වරායට එයි

රන්වීර් කොළඹ වරායට එයි

281
0

ඉන්දියානු නාවික යාත්‍රාවක් වන රන්වීර් ඊයේ දිනයේ දී කොළඹ වරාය වෙත සේන්දු උනා. ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සාම්ප්‍රදාය්න් ඇති ව මෙම ඉන්දියන් නෞකාව පිළිගනු ලැබුවා. රන්වීර් නෞකාව කොළඹ වරායට පැමිණි පසු එහි අණ දෙන නිලදාරි කපිතාන් චේතන් චන්දරේව් , බටහිර නාවික හමුදාපති රියර් අද්මිරල් සුමිත් වීරසිංහ මහතා සමග සුහද කතාබහක නියැලුනා.

එමෙන් ම මෙම වැදගත් අවස්තාව සිහිපත් කිරීම වෙනුවෙන් සමරු සිහිවටන හුවමාරු කර ගැනීම ද සිදු උනා. අයි එන් එස් රන්වීර් යනු ටොන් 4560 ක විස්තාපනයක් හා මීරට් 146 දිග නෞකාවකි.

නෞකාව මෙහෙයවනු ලබන්නේ 273 ක ගෙන් යුත් නාවික මණ්ඩලයක් විසිනි. මෙම කාර්‍යමණ්ඩලය ඔවුන් ගේ තෙදින නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වන උත්සව කිහිපයක් සදහා ද සහභාගි වීමට නියමිත ය. අයි එන් එස් රන්වීර් තෙදින නිල සංචාරය අවසන් කර ජූනි 20 දින පිටත් විමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here