Home Local ”පාස්කු ප‍්‍රහාරයෙන් පසු තහනම් කළ සංවිධාන ගැන විධිමත් විමර්ශනයක් කරන්න”- නීතිපති

”පාස්කු ප‍්‍රහාරයෙන් පසු තහනම් කළ සංවිධාන ගැන විධිමත් විමර්ශනයක් කරන්න”- නීතිපති

193
0

පසුගිය අපේ‍්‍රල් 21 වනදා සිදුවූ ඉස්ලාම් අන්තවාදී ප‍්‍රහාරවලින් පසුව තහනම් කරන ලද ජාතික තවුහිද් ජමාත් සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ‍්‍රාහිම් සංවිධානය සහ විලයාත් අස් සෙයිලාහි යන සංවිධානය සම්බන්ධයෙන් මෙන්ම එහි ක‍්‍රියකාරකම් සහ සාමාජිකයන් සම්බන්ධයෙන් විධිමත් ලෙස විමර්ශනය කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (18) ලිඛිතව උපදෙස් ලබාදී තිබෙනවා.

පාස්කු ප්‍රහාරයෙන් අප්‍රේල් 21 වනදා මඩකලපුව ප‍්‍රදේශයේ කතෝලික දේවස්ථානයකට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ මුස්ලිම් අන්තවාදී බෝම්බකරු සහ ඉන් දින කිහිපයකට පසුව සයින්දමරුදු ප‍්‍රදේශයේ සිදුවූ ගැටුමෙන් මියගිය ත‍්‍රස්තවාදීන් පිළිබඳව සහ 2018 වසරේදී මාවනැල්ල බුදුපිළිමවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් මේ වන විටත් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනවල වර්තමාන තත්ත්වය පිළිබඳව තමාට නොපමාව වාර්තා ඉදිරිපත් කරන ලෙසට ද නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි ද සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here