Home Hit ශවේන්ද්‍ර සිල්වාට මාස 04කට හමුදාපති ධුරය

ශවේන්ද්‍ර සිල්වාට මාස 04කට හමුදාපති ධුරය

538
0

යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට මාස 06ක සේවා දිගුවක් දී සිව්මසකට ඔහුව හමුදාපති කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඔහුට ලබන ජූනි 21 වනදාට වයස අවුරුදු 55 සපිරෙන හෙයින් එදිනට ඔහු විශ්‍රාම යාමට නියමිතව සිටිනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත හමුදාපති ධුරයේ රැඳී සිටින්නට ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති සේවා දිගුව මේ වසරේ අගෝස්තු 18 වනදා වනවිට අවසන්වීමට නියමිත අතර ඔහු විශ්‍රාම යාමෙන් පසුව එම ධුරය ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට ලබාදීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

යුධ හමුදාවේ මීට පෙර දෙවන ප්‍රමුඛ ධුරය හෙබවූ මේජර් ජෙනරල් දම්පත් ප්‍රනාන්දුට සේවා දිගුවක් ලබාදුන් ආකාරයෙන්ම ශවේන්ද්‍ර සිල්වාට ද එම සේවා දිගුව ලබාදී ඇති බවත් ඒ අනුව ශවේන්ද්‍ර සිල්වාට දෙසැම්බර් 21 වනදා දක්වා හමුදා සේවයේ නිරතවීමට හැකි බවද වාර්තා වනවා.

යුධ හමුදාපති සටනේ ඊලඟ සුදුස්සාව සිටින මේජර් ජෙනරල් සත්‍යප්‍රිය ලියනගේට නොවැම්බර් 14 වනදා වයස අවුරුදු 55 සපිරෙන්න අතර ජනාධිපතිවරයා ඔහුට ද සේවා දිගුවක් ලබා නොදුනහොත් එදින ඔහුට විශ්‍රාම යාමට සිදුවනු ඇති.

මේජර් ජෙනරාල් ධුරයේ රැඳී සිටියදී මීට පෙර වයස අවුරුදු 55 සපුරන ලද නිලධාරියකුට සේවා දිගුවක් ලැබුණේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හමුදාපති ධුරය හොබවද්දීයි.

එවකට යාපනය ආඥාපතිව සිටි මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි වෙත සේවා දිගු නිර්දේශ වූයේ යාපනයේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔහු රඳවා තැබිය යුතු යන මතය නිසායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here