Home Hit ”ලංකාවෙන් ගවර දේශපාලනය ඉවත් කරන්න කාලය එළඹිලා” – අමාත්‍ය පාඨලී චම්පික (VIDEO)

”ලංකාවෙන් ගවර දේශපාලනය ඉවත් කරන්න කාලය එළඹිලා” – අමාත්‍ය පාඨලී චම්පික (VIDEO)

337
0

ලංකාවේ හිටිය ගවර කියන සතා වද වී ගියත් ලංකා දේශපාලනයෙන් තවම ගවර දේශපාලනය වද වී ගොස් නොමැති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (17) කුරුණෑගල දී පැවති ”ජාතික මග” සමුළුව අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ කුසලතාවය නැති එකම ක්ෂේත්‍රය මේ දේශපාලනය බවයි.

අමාත්‍යවරයා දැක්වූ අදහස්,

”මේ ර‍‍ටේ ඉන්න ඉහළම ව්‍යාපාරිකයෝ දහ දෙනා අරං බලන්න. එයාලගේ අම්මා තාත්තා කවුද කියලවත් අපි දන්නේ නෑ. ඒ හැම දෙනාම ඉහළට ඇවිත් තියෙන්නේ කුසලතාවය මත. ඉහළම නිළධාරීන් දහදෙනා අරං බලන්න. එයාලා තමන්ගේ අම්මාගේ තාත්තාගේ නම විකුණලා ආපු අය නෙවෙයි. ඒ හැම දෙනාම ඉහළට ඇවිත් තියෙන්නේ කුසලතාවය මත. ඉහළම වෛද්‍යවරුන් දහදෙනා ගත්තත් ඉහළම ක්‍රීඩකයන් ගත්තත් ඉහළම ඉංජිනේරුවරු දහදෙනා ගත්තත් ඉහළම නඩුකාරවරු නීතිඥවරු ගත්තත් ආරක්ෂක අංශවල ඉහළම දහදෙනා ගත්තත් මේ හැමෝම ඉදිරියට ඇවිත් තියෙන්නේ කුසලතාවය මත. කලාව ආදී සෑම ක්ෂේත්‍රයකම මේ කුසලතාවය පදනම් වෙලා තියෙනවා. හැබැයි කුසලතාවය නැති එකම ක්ෂේත්‍රය මේ දේශපාලනය විතරයි.

අපේ මේ කලාපයේ රටවල් විශේෂයෙන් චීනය ජපානය කොරියාව සිංගප්පූරුව ආදීරටවල් ඉදිරියට ගියේ කුසලතා දේශපාලනය නිසායි. එහෙත් අපේ රටේ අවාසනාවකට මේ කුසලතා දේශපාලනය ඇති වෙලා නෑ.

ලංකාවේ හිටිය ගවර කියන සතා වද වී ගියත් ලංකා දේශපාලනයෙන් තවම ගවර දේශපාලනය වද වී ගිහිං නැහැ. ඒ නිසා නිදහසින් පසුව මේ රටේ පාලන තන්ත්‍රය අරක් ගත් මේ ගවර දේශපාලනය වේදිකාවෙන් ඉවත් කර රටට උගත් වියත් වැදගත් පාලනයක් ඇති කිරීමට කුසලතාවයට නිපුණතාවයට මුල්තැන දෙන පාලනයක් ඇති කිරීමට අප හැම දෙනාම අධිෂ්ඨාන කර ගත යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here