Home Local මහබාගේ ගබඩාවක ගින්නක්

මහබාගේ ගබඩාවක ගින්නක්

216
0

ලංකා විදුලිබල මණ්ඩලයේ රැහැන් ඇදීමේ උපකොන්ත්‍රාත් ආයතනයක ඇති වු ගින්නකින් එම ආයතනයේ දේපල වලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

මහබාගේ පොලිස් වසමට අයත් මත්තුමගල ගුණසේකර මාවතේ පිහිටි ආයතනයක් තුළ මෙම ගින්න අද (18) උදෑසන 6.45ට පමණ හටගෙන ඇති අතර ගින්න පැතිර යාමත් සමග අවට නිවසකට ද සුළු හානි සිදුව ඇතැයි වාර්තා වනවා.

ගින්නෙන් කිසිවකු හට ජීවිත හානි සිදුව නොමැති අතර ගින්න පැතිර යාමත් සමග වැලිසර නාවික හමුදා කඳවුරේ ගිනි නිවන ඒකකය හා කොළඹ ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩ පවත්වා ගින්න පැතිර යාම වලක්වා ගැනීමට සමත්ව තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සිදුව තිබෙන අලාභ හානිය මෙතෙක් ගණන ය කර නොමැති බවත් පොලීසිය පවසනවා.

ගින්න සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කටයුතු මහබාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here