Home Local දිවයින පුරා දුම්රිය ස්ථාන 53කට වයිෆයි කලාප 89ක්

දිවයින පුරා දුම්රිය ස්ථාන 53කට වයිෆයි කලාප 89ක්

197
0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා පහසුකම් සපයන ආයතන වන ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්, ලංකාකොම්, මොබිටෙල් සහ එටිසලාට් මඟින් දුම්රිය ස්ථාන 53ක් සඳහා Wi-Fi කලාප 89ක් ස්ථාපනය කිරීමට කටයුතු කර තිබෙනවා.

දුම්රිය ස්ථාන 53ක් ආවරණය වන පරිදි ලබාදී ඇති Wi-Fi කලාප සම්බන්ධතා පහසුකම්වලින් 55%ක් එනම් Wi-Fi කලාප 49ක් සඳහා අන්තර්ජාල සම්බන්ධතා ඩයලොග් ආයතනය සපයා දී ඇති අතර අනෙකුත් අන්තර්ජාල සේවා පහසුකම් සපයන ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකාකොම්, මොබිටෙල්, එටිසලාට් යන ආයතන පිළිවෙලින් දුම්රිය ස්ථානයන්හි Wi-Fi කලාප 26කට, 05කට, 07කට සහ 02කට අන්තර්ජාල සම්බන්ධතාවන් ලබා දී තිබෙනවා.

Wi-Fi සම්බන්ධතා ලබාදීමේදී දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි දුම්රිය ස්ථාන සඳහා අන්තර්ජාල පහසුකම් සපයා ඇති අතර එම Wi-Fi කලාප 89න් 44ක් එනම් සමස්ත දුම්රිය ස්ථාන සඳහා ලබාදී ඇති Wi-Fi පහසුකම් කලාපයන්ගෙන් 49.44%ක ප්‍රමාණයක් බස්නාහිර පළාත තුළත් එයින් කලාප 22ක් කොළඹ දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇති දුම්රිය ස්ථාන 14ක කේන්ද්‍ර ගත කර ඇතැයි සඳහන්.

සබරගමුව පළාත තුළ එක් දුම්රිය ස්ථානයකට පමණක් Wi-Fi ආවරණය ලබාදී ඇති අතර එය කෑගල්ල දිස්ත්‍රික්ක‍යට අයත් රඹුක්කන දුම්රිය ස්ථානයයි.

මධ්‍යම පළාතට අයත් Wi-Fi පහසුකම් සහිත දුම්රිය ස්ථාන 03 මහනුවර දිස්ත්‍රික්කය තුළත්, වයඹ පළාතට අයත් එම දුම්රිය ස්ථාන 05 කුරුණෑගල දිස්ත්‍රික්කය තුළත්, ඌව පළාතට අයත් Wi-Fi පහසුකම් සහිත දුම්රිය ස්ථාන 05 බදුල්ල දිස්ත්‍රික්කය තුළත් පිහිටා තිබෙනවා.

මෙම ව්‍යාපෘතියට අදාළ නියාමන සහ පසුවිපරම් කටයුතු අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මඟින් විධිමත්ව පවත්වාගෙන යනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here