Home Local කුල දරුවන් සසුනට දායාද කළ දෙමව්පියන්ට ඇමති සජිත්ගෙන් නිවසක්

කුල දරුවන් සසුනට දායාද කළ දෙමව්පියන්ට ඇමති සජිත්ගෙන් නිවසක්

224
0

කුල දරුවන් සසුනට දායාද කළ දෙමව්පියන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ “බුදුපුත් මාපිය කැපකරු නිවාස යෝජනා ක්‍රමය” දිප ව්‍යාප්තව ආරම්භ කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ 2019 පොසොන් පුන්‍යෝත්සවයට සමගාමීව රුපියල් ලක්ෂ 2272ක වියදමින් තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමේ අවස්ථාවට පසුගිය (16) වනදා සහභාගී වෙමිනුයි.

සම්බුදු සසුනේ මුර දේවතාවන් වන මහා සංඝරත්නය සසුනට දායාද කළ දෙමව්පියන් වෙනුවෙන් විශේෂ නිවාස අධාර ක්‍රමයක් ආරම්භ කර, ඔවුන්ගේ නිවාස අවශ්‍යතාවන් ඉටුකර දීම මෙහි මූලික අරමුණ බවත්, බුදු සසුනට ලබා දිය යුතු ඉහළම තැන ලබා දී ප්‍රයෝගික සංවර්ධනය තුළින් බුදු සසුන බැබලවිමට කටයුතු කිරීම මෙම සෑම වැඩපිළිවෙලකම අරමුණ බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තිය ප්‍රකාරව සම්බුදු සසුන සුරක්ෂා කිරීමට අප බැඳී සිටින බැවින් බුදු සසුනේ චිරස්තිථිය වෙනුවෙන් ඇප කැප වී තමන් කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

රුපියල් ලක්ෂ 300 වියදමින් ඉදිකළ තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල සඟසතු කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථමයෙන්ම සිදු කෙරුණා.

තිස්සමහාරාම සඳගිරි උබය රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන නාහිමියන්ගේ අනුශාසනා පරිදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙවර තිස්සමහාරාම පොසොන් පුන්‍යෝත්සවය උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here