Home Local ”කතානායකට අමරිකාවෙන් පඩි ගෙවන උපදේශකවරයෙක්” – මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන

”කතානායකට අමරිකාවෙන් පඩි ගෙවන උපදේශකවරයෙක්” – මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන

397
0

අමෙරිකාවේ ආයතනයකින් වැටුප් ගෙවන උපදේශකවරයෙක් කතානායක කරු ජයසූරියට සේවය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියා.

අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක් ද වූ ප්‍රසාද් කාරියවසම් මෙසේ බඳවාගෙන ඇති බවයි ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

එයට පිළිතුරු දෙමින් කථානායකවරයා සඳහන් කළේ අන්තර් පාර්ලිමේන්තු සබඳතා තරකර ගැනීම වෙනුවෙන් මෙම බඳවා ගැනීම සිදුකර ඇති බවයි.

ඉන් අනතුරුව අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ වෙනත් රටකින් වැටුප් ගෙවන උපදේශකයෙක් පාර්ලිමේන්තුවට නොගැලපෙන බවත් අවශ්‍යනම් පාර්ලිමේන්තුවෙන් වැටුප් ගෙවන උපදේශකයෙක් බඳවා ගන්නා ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here