Home Hit Raavana – 1 චන්ද්‍රිකාව, ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට සාර්ථකව කක්ෂගත කෙරේ(VIDEO)

Raavana – 1 චන්ද්‍රිකාව, ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට සාර්ථකව කක්ෂගත කෙරේ(VIDEO)

395
0

Raavana – 1 චන්ද්‍රිකාව, ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට සාර්ථකව කක්ෂගත කර ඇත.

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව කක්ෂගතකල ආකාරය

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව කක්ෂගතකල ආකාරය

Posted by Newshub.lk on Monday, June 17, 2019

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් ලෙස සේවය කරන දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න විසින් රාවණ -1 චන්ද්‍රිකාව නිර්මාණය කරනු ලැබුවා.

නිර්මාපකයන් පවසන පරිදි මෙය ඝනක චන්ද්‍රිකාවක් වන අතර ප‍්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි.

මෙම චන්ද්‍රිකාව මඟින් ශ‍්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ජායාරූප ගැනීම සිදුකරන අතර චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඪාංග ක‍්‍රමය වෙනුවට මෘදුකාංග ක‍්‍රමයක් අත්හදා බැලීම, පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම, කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිළිබඳ අත්හදා බැලීම, ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්‘ නමැති මෘදුකාංගය අත්හදා බැලීම ආදිය සිදුකිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here