Home Sports ශ්‍රී ලංකා සාමාජිකයින් මාධ්‍ය හමුව වර්ජනය කිරීමෙන් ICCයට චෝදනා

ශ්‍රී ලංකා සාමාජිකයින් මාධ්‍ය හමුව වර්ජනය කිරීමෙන් ICCයට චෝදනා

309
0

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් කිසිවෙකුත් සහභාගී නොවීම මේ වන විට ලොව වැඩි අවධානයක් යොමුව ඇති පුවතක් බවට පත්ව තිබෙනවා.

මෙහිදී බොහෝ පාර්ශව ශ්‍රී ලංකාවට චෝදනා එල්ලකර සිටියද සැබවින්ම මෙහි වරද සිදු කර ඇත්තේ ජගත් ක්‍රිකට් කවුන්සලය බවටයි මේ වන විට අණාවරණය වී ඇත්තේ.

මාධ්‍ය හමුව සඳහා දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් පමණක් යොමු කරන ලෙසට කණ්ඩායම් කළමනාකාරිත්වයට ICCය විසින් දැනුම් දී තිබූ බව සදහන්.

ඒ, ඔවුන් දෙදෙනා තරගයට පෙර පැවැති මාධ්‍ය හමුව සදහා ද සහභාගී වී තිබූ පසුබිමකයි.

නායක දිමුත් සහ ඇන්ජෙලෝ එම අවස්ථාවේ දී වෙහෙසට පත් ව සිටීමත්, මානසිකව ඇද වැටී සිටීමත් හේතුවෙන් ඔවුන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව සඳහා යොමු කළ නොහැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාරීත්වය විසින් ICC යට දැනුම් දී තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ වෙනුවට කළමනාකරු වන අසන්ත ද මැල් මාධ්‍ය හමුව සඳහා යොමු කළ හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාරීත්වය විසින් ICCයට දැනුම් දී තිබූ බව සදහන්.

කෙසේ වෙතත්, ඊට ICC අනුමැතිය හිමිව නැහැ.

ඒ අනුවයි ශ්‍රී ලංකාව අදාළ මාධ්‍ය හමුව වර්ජනය කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here