Home World සිංගප්පූරුව විභාග ශ්‍රේණිගත කිරීම් නතර කරයි

සිංගප්පූරුව විභාග ශ්‍රේණිගත කිරීම් නතර කරයි

513
0

ලබන වසරේ සිට ප්‍රාතමික හා ද්වීතික අද්‍යාපන ක්ෂේත්‍රය තුළ වෙනසක් කිරීමට සිංගප්පූරු අද්‍යාපන බලදාරින් විසින් තීරණය කොට තිබේ. ඒ වෙනස නම් දරුවන් ගේ වාර්තා පොත් තුළ විභාග ශ්‍රේණිය සදහන් නොකර සිටීමට ගත් තීරණයයි. මෙම නව වෙනස්කම හරහා අද්‍යාපනය යනු තරගයක් නොවන බව දරුවන්ට ඒත්තු ගැන්වීමට තමා බලාපොරොත්තු වන බව සිංගප්පූරු අද්‍යාපන ඇමති, ඔන් යේ කුන්ග් මහතා පැවසී ය.

ශිෂ්‍යයා පන්තියේ කීවැනියාද යන්න පමණක් නොව පහත සදන් කාරණා ද වාර්තා පොතට ඇතුළත් කිරීම නවතා දමන්නට සිංගප්පූරු බලදාරින් තීරණය කර තිබේ.

  • පන්තිය හා මට්ටමේ මද්‍යනය
  • අවම ලකුණු හා උපරිම ලකුණු
  • අඩු හා අසමත් ලකුණු වර්ණ ගැන්වීම හෝ අවදාරණය කිරීම
  • වර්ෂ අවසාන විභාගය සමත්/ අසමත් බව
  • සමස්ත ලකුණු ප්‍රමාණය
  • LIR5 (ඉංග්‍රීසි ඇතුළු තවත් විෂයන් පහක්), LIR4, EMB3( ඉංග්‍රීසි, ගණිතය, හොදම විෂයන් තුනක්) EMBI (පහළ ද්විතිකය සදහා)

සිංගප්පූරු අද්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ මෙම තීරණය ගැනීමට මුල් වූ කාරණය වන්නේ දරුවන්ට තම අද්‍යාපන වර්දනය කෙරෙහි පූර්ණ අවදානය යොමු කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් සැලසීමට හා ඔවුන් අනෙක් අය හා තමන්ව සංසන්දනය කිරීම වළක්වා ලීම උදෙසා මෙම තීරණය ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here