Home Local ”චීන සිගරැට් ගෙන්නුවොත් ආණ්ඩුවට එරෙහිව කැරලි ගහනවා” – අමාත්‍ය රාජිත සේනාරත්න

”චීන සිගරැට් ගෙන්නුවොත් ආණ්ඩුවට එරෙහිව කැරලි ගහනවා” – අමාත්‍ය රාජිත සේනාරත්න

827
0

චීන සිගරැට් ගෙන්වීමට කටයුතු කළහොත් තමා එක මොහොතක් හෝ ආණ්ඩුවේ රැඳී සිටින්නේ නැතැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පවසනවා.

චීන සිගරැට් ගෙන්නුවොත් තමා ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් දියත් කරන බවයි ඇමැතිවරයා සඳහන් කළේ.

ඇමැති රාජිත සේනාරත්න මේ බව සඳහන් කළේ චීනයෙන් සිගරැට් ගෙන්වීමට ඇමැති මංගල සමරවීර කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවෙන පුවතක් පිළිබඳ කළ විමසීමකදීයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘‘මේ කරන්න යන්නේ වැරදි වැඩක්. චීනයේ 6000ක් පමණ අප රටේ සේවය කරනවා කියා චීනයෙන් සිගරැට් ගෙන්නුවොත් එය වැරදි ආදර්ශයක් වෙනවා. අප රටේ ඉන්දියාවේ, රුසියාවේ අයත් වැඩ කරනවා. මේ අයත් ඉල්ලීමක් කළොත් එම රටවලින් සිගරැට් ආනයනය කරනවාද? මම මේකට කොහෙත්ම ඉඩදෙන්නේ නැහැ. ආණ්ඩුව ඇතුලේ කැරැලි ගහනවා. මම මේ බව අනෙක් ඇමැතිවරුන්ටත් දැන්වූවා. අප රටේ දුම්කොළ වලින් අය කරන බදු මුදල්වලට වඩා දෙගුණයක් යනවා දුම්කොළ භාවිතය නිසා ඇතිවෙන රෝග සඳහා පිළියම් කරන්න. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියලා තියෙනවා සංවර්ධනය වන රටවල දුම්කොළ භාවිතය ප‍්‍රවර්ධනය වන අයුරින් කටයුතු කරන්න එපා කියලා. තත්ත්වය එසේ තිබියදී චීනයෙන් සිගරැට් ගෙන්වීම කිසිසේත් අනුමත කරන්න බැහැ. දුම්කොළ විරෝධී කි‍්‍රයාකාරකම් සඳහා ශ‍්‍රී ලංකාව තුන් වරක්ම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සම්මාන පවා ලබාගෙන තිබෙනවා. තත්ත්වය එසේ තිබියදී මේ අය මොනවද කරන්න යන්නේ. මම ඒකට කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ.”

දුලංගා ලියනගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here