Home Hit යාපනයේ කිතුණු සුරුවමක් පාරේ ගසා කඩාදමයි – PHOTOS

යාපනයේ කිතුණු සුරුවමක් පාරේ ගසා කඩාදමයි – PHOTOS

372
0

යාපනය, මනියම්තෝට්ටම් ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ කිතුණු දෙව් මැදුරක සුරුවමක් අද (17) අලුයම කිසියම් පිරිසක් විසින් කඩාදමා ඇති බව යාපනය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ ධීවර රැකියාව සඳහා යන පිරිසක් සුරුවම කඩා දමා ඇති බව දැක පොලිසිය දැනුවත් කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පැවසූවේ අරියාලෙයි, මනියම්තෝට්ටම් ප්‍රදේශයේ පැවති මාතා සුරුවමක් දෙව් මැදුරු කුටියෙන් ඉවතට ගෙන කිසියම් පිරිසක් සුරුවම මාර්ගයේ ගසා කඩා දමා ඇති බවයි.

ප්‍රදේශයේ කිතුණු ජනතාව මහත් බැතියෙන් පුජාවන් පැවැත්වු සුරුවමක් එලෙස කඩා දමා ඇති අතර, කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් මෙය සිදුකරන්නට ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

මේ සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂා කොට වරදකරුවන් අත්අඩංගුවට ගත යුතු බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here