Home Local සෙල්ෆි ගන්න ගොස් දෙදෙනකු මුහුදට වැටී මරුට

සෙල්ෆි ගන්න ගොස් දෙදෙනකු මුහුදට වැටී මරුට

233
0

උණවටුන රූමස්සල ජපන් සාම චෛත්‍ය අසල මුහුදේ සෙල්ෆි ඡායාරුප ගැනිමට ගිය හමුදා සෙබලෙක් සහ කාන්තාවක් ඊයේ (16) දහවල් මුහුදට වැටී මියගොස් ඇතැයි හබරාදුව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මහරගම පදිංචි 29 හැවිරිදි කාන්තාවක් සහ උණවටුන රූමස්සල පදිංචි 39 හැවිරිදි පානදුර යුධ හමුදා කඳවුරේ හමුදා සෙබලෙකි.

සාම චෛත්‍ය අසල ගල්පරයක් මතට නැගි සෙල්ෆි ඡායාරුප ගනිමින් සිටියදි එක් වරම රළ පහරක් වැදි පස් දෙනෙකු මුහුදට වැටි ඇති අතර එහිදී මහරගම සිට පැමිණි කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයකු දිවි බේරාගෙන ගොඩට පැමිණ තිබෙනවා.

එමෙන්ම කාන්තවකට සහ හමුදා සෙබලාට දිවිබේරා ගැනිමට නොහැකිවිම නිසා ඔවුන් දියේ ගිලි තිබෙනවා.

මියගිය කාන්තාවගේ සිරුර සොයාගෙන ඇති අතර හමුදා සෙබලාගේ සිරුර සොයා නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි සඳහන්.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here