Home Uncategorized පින්බර පොසොන් පොහෝ දිනය අදයි

පින්බර පොසොන් පොහෝ දිනය අදයි

696
0

අනුබුදු මිහිදු මා හිමියන් ලක්දිවට වැඩම කළ ඓතිහාසික ශාසනික දිනය වන පොසොන් පොහොය අදට (16) යෙදී තිබෙනවා.

ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජයාගේ පූර්ණ සහාය ලබාගෙන මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ නව රටකට ධර්ම දූතයන් පිටත්කොට යැවීමට කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉට්ඨිය, උත්තිය, සම්බල,භද්දසාල, යන උපසපන් රහත් පස් නමත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, අනාගාමි භණ්ඩුක උපාසකතුමාත් නිර්මල බුදු දහම රැගෙන මෙරටට පැමිණියා.

අනුරාධපුරය, මිහින්තලා පර්වත මස්ථකයට වැඩම කළ මිහිදු මහරහතන් වහන්සේ එදා ලක්දිව පාලනය කළ දේවානම්පිය තිස්ස නිරිදු හමු වූ ඓතිහාසික දිනය වන්නේද අදයි.

ජාතියක්‌ වශයෙන් අපේම වූ ආගමක්, සංස්කෘතියක්, කලාවක්, සමාජ සාරධර්ම, සාහිත්‍යය ලෝකයේ පිළිගත් ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානයක්‌ කරගනිමින් ස්ථාපිත කරන්නට මිහිදුහිමියන්ගේ ලංකාවතරණය මනා පිටුවහලක් වූවා.

ශ්‍රී ලාංකික ජනතාවටම ආවේණික වූ සුවිශේෂී වූ දිනයයක් ලෙස පොසොන් පෝය දිනය හඳුන්වාදිය හැකියි.

පොසොන් පොහොය යෙදෙන අද දිනයේ වෙහෙර විහාරස්ථනවල, විශේෂයේ අනුරාධපුරය සහ මිහින්තලය පූජා නගරවල සුවිශේෂී ආගමික වැඩසටහන් අමිස හා ප්‍රතිපත්ති පුජා වැඩසටහන් රැසක් ක්‍රියත්මක වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here