Home Local මාලදිවයින් පාර්ලිමේන්තු දූත පිරිස ලංකාවට පැමිණෙයි – PHOTOS

මාලදිවයින් පාර්ලිමේන්තු දූත පිරිස ලංකාවට පැමිණෙයි – PHOTOS

499
0

මාලදිවයින ජනරජයේ පාර්ලිමේන්තු දූත පිරිසක් දින 03ක සංචාරයක් සදහා ඊයේ (14) දින ගුවන් යානා 03කින් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා.

එහිදී මාලදිවයිනේ හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් නෂීඩ් සහ එරට උප ජනාධිපති ෆයිසාල් නසීම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පැමිණි මෙම පිරිස අතරට, එරට පාර්ලිමේන්තුවේ කාරක සභා වල සභාපතිවරුන් ද ඇතුළු 105 දෙනෙකු එක්ව සිටියා.

මෙම පිරිස ඊයේ මාලදිවයිනේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දහවල් 11.30ට පැමිණි UL – 102 , සවස 5.25 ට පැමිණි UL .- 116 සහ රාත්‍රී 10.55 ට පැමිණීමට නියමිත UL – 1104 දරන ගුවන් යානා වලින් මෙම සංචාරය සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here