Home Hit 2015 මහ මැතිවරණයේ අපේක්ෂකයින් සහරාන් සමග ගිවිසුම් අත්සන් කළා- හිස්බුල්ලා

2015 මහ මැතිවරණයේ අපේක්ෂකයින් සහරාන් සමග ගිවිසුම් අත්සන් කළා- හිස්බුල්ලා

409
0

2015 මහතිවරණයේ අපේක්ෂකයින් පසුගිය අප්‍රේල් 21 ත්‍රස්තාවදි ප්‍රහාරයේ නායකයා වන සහරාන් හශීම් සමග ගිවිසුම් අත්සන් කළ බව හිටපු නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබද පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ ය.

මෙහිදී සාක්ශි දෙන් අතරතුර ඔහු පැවසුවේ 2015 මහ මැතිවරණ මොහොතේ තමා සහරාන් ව මුණගැසුන බවයි. තමාට එවර මහ මැතිවරණයේ දී ආසනයක් ජයග්‍රහණය කිරීමට නොහැකි වූයේ සහරාන් ගිවිසුමට විරෝදීව කටයුතු කරමින් අනෙක් පාර්ශවයට උදව් කළ නිසා බව ඔහු මෙහි දී පෙන්වා දුන්නේ ය.

“ ඔහු අපේක්ෂකයින් සියලු දෙනාවම රැස්වීමකට කැදෙව්වා. ඒ කාලයේ ඔහු ත්‍රස්තවාදි නායකයෙක් නොවෙයි. ආගමික කණ්ඩායමක නායකයෙක් විතරයි.  ඔහුට චන්ද 2000-3000 පමණ රැස් කර ගත හැකි වුනා. එදා රැස්වීමට මුස්ලිම් කොන්ග්‍රසය ඇතුලු සියලු අපේක්ෂකයින් සහභාගි උනා”

ඔහු තව දුරටත් සදහන් කලේ සහරාන් සියලුම අපේක්ෂකයින් සමග වෙන වෙනම ගිවිසුම් අත්සන් කළ බවයි. එම ගිවිසුම මගින් ඔවුන්ට සහයෝගය ලබා දීමට ඔහු පොරොන්දු වී තිබු බවයි. එමෙන් ම මැතිවරණ ප්‍රචාරණ රැස්වීම් සදහා සංගීතය හා ගිණිකෙළි භාවිතා කිරීම තහනම් වූ අතර ගැහැණු ළමුන් හා පිරිමි ළමුන් වෙන වෙනම වාඩි කළයුතු බවද ගිවිසුමේ සදහන් වී තිබුණි. ඔහු ගේ සහය අවශ්‍ය බවින් සියලු දෙනා ම එයට අත්සන් තැබු හ.

කෙසේ වුවද හිස්බුල්ලාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී සංගීතය භාවිතා කිරීම නිසා සහරාන් ඔහු සමග අමනාපව ගිවිසුම ඉවත් කළ බවද හිස්බුල්ලා පැවසී ය.

එලෙසම හිස්බුල්ලා පවසන්නේ සහරාන් තමන් සමග අමනාප වන්නට ඇත්තේ තමාගෙ චන්ද පදනම හා ආදාරකරුවන් විශාල ප්‍රමාණයක් සුෆි මුස්ලිම් වරුන් වීම නිසා බවයි.

“මහ මැතිවරණයේ දී මම චන්ද 121 කින් පරාජය වුනා. සහරාන් ගේ පැත්තෙන් මට ලැබීමට තිබූ චන්ද 2000 පමණ අහිමි උනා. මම ජනාදිපති මයිත්‍රීපාල සිරිසේන ගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වූ විට සහරාන් නැගෙනහිර මට විරුද්දව උද්ඝෝෂණය පවා කළා. දැන් ඔහු මිය ගොස් ඇති නිසා මගේ කණ්ඩායමට ප්‍රශ්නයක් නැතිව මීළග චන්දය ජයග්‍රහණය කළ හැකි යි” හිටපු නැගෙනහිර ආණ්ඩුකාරවරයා පවසයි.

2015 දී මම සහය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාටටි. සහරාන් සහය දුන්නේ පොදු අපෙක්ෂක වූ මයිත්‍රීපාල සිරිසේන මහතාට යි. ඔහු තව දුරටත් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here