Home Hit බැඳුම්කරයට 10කට නඩු

බැඳුම්කරයට 10කට නඩු

254
0

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් අධ්‍යක්ෂ අර්ජුන් ජෝසෆ් ඇලෝසියස් ඇතුළු 10 දෙනෙකුට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමට අගවිනිසුරුවරයා, නීතිපතිවරයාට අනුමැතිය ලබා දී තිබෙනවා.

මෙම අපරාධයෙන් රටේ ආර්ථිකයට සිදුවූ බලවත් පාඩුව හා එහි ඇති සංකීර්ණත්වය සැලකිල්ලට ගනිමින් මෙම නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කිරීමට අවසර දෙන ලෙස නීතිපති දප්පුලද ලිවේරා කළ ඉල්ලීමක් සළකා බලමිනුයි අගවිනිසුරුවරයා මෙම අවසරය ලබාදී ඇත්තේ.

ඒ අනුව මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන පී. සමරසිරි, පර්පචුවල් සමාගමේ කසුන් පලිසෙන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, පුෂ්පමිත‍්‍ර ගුණවර්ධන, චිත්‍ර රංජන් හුළුගල්ල, මුතුරාජ සුරේන්ද්‍රන්, අජානී ගාර්දිය පුංචිහේවා යන අයට නඩු පැවරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here