Home Hit රුහුණු සරසවියේ උපකුලපතිට සරසවි සිසුවියකගෙන් විරෝධයක් (VIDEO)

රුහුණු සරසවියේ උපකුලපතිට සරසවි සිසුවියකගෙන් විරෝධයක් (VIDEO)

511
0

රුහුණු විශ්වවිද්‍යාලයේ ව්‍යාප්තව ඇති නවක වදය හා සිසුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව එහි උපකුලපතිවරයා විසින් පසුගිය දා මාධ්‍යයට සිදු කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය තුළ විරෝධතාවයක් පවත්වා තිබේ.

ඊයේ(13) දිනයේ දී පැවති මෙම විරෝධතාවය සඳහා සරසවි සිසුන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටියේය.

එහිදී ඔවුන් කියා සිටියේ උපකුලපතිවරයාගේ ක්‍රියා කලාපය තරයේ හෙළා දකින බවයි.

මේ වන විටි රුහුණු සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාගේ හා ලේකම්වරයාගේ ශිෂ්‍යභාවය අහෝසි කර ඇති බැවින් ඔවුන්ට නැවත එය ලබා දී අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවසර දෙන ලෙස ද මෙම සිසුන් විරෝධතාවයට එක්වෙමින් කියා සිටියේය.

මෙවැනි ක්‍රියා තුළින් උපකුලපතිවරයා විසින් සිදු කරනු ලබන ශිෂ්‍ය මර්දනය වහාම නවත්වා ගන්නා ලෙසත් බලකරමින් විරෝධතාකරුවන් සරසවි භූමියේ ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ල ඉදිරිපිට දී මෙම විරෝධතාවය පවත්වා තිබේ.

මෙම විරෝධතාවය සවස 6 පමණ වෙන තෙක් පැවති බව වාර්තාකරු පවසයි.

කෙසේ වෙතත් එහිදී එක් සරසවි ශිෂ්‍යාවක විසින් සිදු කරන ලද ප්‍රකාශයක් ඉතා තර්ජනාත්මක ස්වරූපයක් ගන්නා ආකාරය ද කැමරාවේ සනිටුහන් ව තිබුණි.

ඇය කියා සිටියේ, පසුගිය දා උපකුලපතිවරයා විසින් පසුගිය දා සිදුකල පිළිකුල් සහගත ප්‍රකාශය තරයේ හෙළා දකින බවයි.

ළමයි පැමිණියේ ඉගෙන ගැනීමට බවත් පැවසු ඇය අද වන විට බස්වල පවා යෑමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව ද කියා සිටියාය.

පසුගිය දා උපකුලපතිවරයා විසින් මාධ්‍යයට කියා සිටියේ,  වදකාගාර කාමර විශ්වවිද්‍යාල තුළ සකසා ගනිමින් ලිංගික වදහිංසාවට ළමයින් ලක් කරන බවයි.

මේ අතර උපත් පාලන කොපු විශාල ප්‍රමාණයක් මෙම කාමරවලින් හොයා ගත් බව ද උපකුලපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මෙයට විරෝධය දැක්වු සරසවි සිසුවිය කියා සිටියේ, අද වන විට කෙතරම් හොඳින් සිටින “කෙල්ලෙක් වුවත් ගැහැණියක් බවට “ මෙම ප්‍රකාශය පත් කර ඇති බවයි.

කෙසේ වෙතත් අද(14) දිනයේ දී ද විරෝධයතාවයක් පැවැත් විමට නියමිත බව ද වාර්තා වෙයි

-Ada Derana-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here