Home Local මීගමුවෙන් මුහුදු ගිය ධීවරයකු කරාපිටිය රෝහලෙන් නතර වෙයි

මීගමුවෙන් මුහුදු ගිය ධීවරයකු කරාපිටිය රෝහලෙන් නතර වෙයි

309
0

මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය බහු දින ධීවර යාත්‍රාවක තුවාල ලබාසිටි ධීවරයෙකු බේරා ගෙන ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.

ඉකුත් ජුනි මස 08 වනදා ජනිත පුතා – 02 බහු දින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගොස් සිටි මෙම ධීවරයා ගැඹුරු මුහුදේ ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 33ක් ඈතින් අනතුරට පත්ව සිටියදී ඒ පිළිබඳව ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

ඉන්පසු ඔවුන් මේ පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත තොරතුරු වාර්තා කර ඇතැයි සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අනුයුක්තව තිබූ වේග ප්‍රහාරයක යාත්‍රාවක් මගින් ඒ වනවිටත් රළු වූ මුහුද තරණය කරමින් එම ධීවරයාගේ යාත්‍රාව වෙත ගොස් ඔහු බේරාගෙන ඔහුට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදෙමින් ගොඩබිම වෙත රැගෙන විත් මෙසේ රෝහල් ගත කර තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here