Home Hit ගෝඨා සුවය ලබා සක්‍රීය දේශපාලනයට එන්න සූදානමි-විමල්

ගෝඨා සුවය ලබා සක්‍රීය දේශපාලනයට එන්න සූදානමි-විමල්

507
0

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිංගප්පූරු රෝහලකට වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටත්ව ගොස් ඇති අතර ඒ මහතා සුවයෙන් පසුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුක්තකින් අනතුරුව මාධ්‍යවේදීයෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  ඒ මහතා මේ බව සඳහන් කළේය.

“එතුමා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගිහින් තිබෙනවා.

සාර්ථකව ඒ වෛද්‍ය ප්‍රතිකාර කරගෙන තියෙනවා.

තව ටික කාලයක් එතුමා විවේකීව ගත කරලා මේ රටේ සක්‍රීය දේශපාලනයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් පැමිණීමට නියමිතයි.” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here