Home Hit ඔස්ට්‍රේලියාවේ සංචාරක සීමා ලිහිල් කරයි

ඔස්ට්‍රේලියාවේ සංචාරක සීමා ලිහිල් කරයි

333
0

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පනවා තිබූ සීමා ලිහිල් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, සංචාරක සීමා ලිහිල් කළ ද මෙරට මාධ්‍ය වාර්තා පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් බවයි.

මෙරට සංචාරය කරන විට ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු ගැන සෑම විටම දැනුවත්ව සිටිය යුතු බව ද ඔස්ට්‍රේලියානු රජය පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක් එම රටවල පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සීමා පනවනු ලැබුවේ අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙනුයි.

එලෙස සීමා පැනවූ රටවල් කිහිපයක් මීට පෙර සීමා ලිහිල් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here