Home Hit EXCLUSIVE : ජනපතිගේ ඉල්ලීම පිළිගෙන තේරීම් කාරක සභාවේ වැඩ නැවැත්වීමට එජාපයේ මෙහෙයුමක්

EXCLUSIVE : ජනපතිගේ ඉල්ලීම පිළිගෙන තේරීම් කාරක සභාවේ වැඩ නැවැත්වීමට එජාපයේ මෙහෙයුමක්

482
0

අප්‍රේල් 21 වනදා එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු නතර කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රභල අමාත්‍යවරු තිදෙනෙකු විසින් විශේෂ දේශපාලන මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

පසුගිය දින කිහිපය පුරාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවෙමින් මෙම අමාත්‍යවරු තිදෙනා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු අත්හිටුවීමට අදාළ කටයුතු සාකච්ජා කර ඇත.

මෙම අමාත්‍යවරුන් තිදෙනා අතරින් අමාත්‍යවරු දෙදෙනෙක් තේරීම් කාරක සභාවේ සාමාජිකයින් වීමද විශේෂ කරුණක්.

තේරීම් කාරක සභාවේ කටයුතු අත් හිටුවන තුරු යළි කැබිනට් මණ්ඩලය නොකැදවීමට තමා තීරණය කර ඇති බවද ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කල අතර පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමද අවලංගු කලා.

එජාපයෙන් තේරීම් කාරක සභාවට එරෙහි විරෝධතා රැල්ලක්.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පෙරකී ප්‍රභල අමාත්‍යවරුන් තිදෙනාගේ උපදෙස් මත මේ වනවිට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එරෙහිව සිය විරෝධය පළකරමින් කටයුතු කරමින් සිටියි. ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයාට වරද පැටවෙන ආකාරයෙන් තේරීම් කාරක සභාවේ කටයුතු සිදුවීම හරහා එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපතිවරයා අතර අනවශ්‍ය ගැටුමක් ඇතිවන බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here