Home Local විශ්‍රාම වැටුප් විෂමතා සංශෝධනයෙන් ජූලි මස සිට 560,000කට වාසියක්

විශ්‍රාම වැටුප් විෂමතා සංශෝධනයෙන් ජූලි මස සිට 560,000කට වාසියක්

440
0

2019 අයවැය යෝජනාවන්ට අනුව විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීමට මේ වන විට ආරම්භ කර ඇති අතර ලබන මාසයේ සිට එම ගෙවීම සිදුකරන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසනවා.

2017 වසරේ ජනවාරි 01 වනදාට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයින් 560,000කට පමණ මෙයින් සහනයක් සැළසෙනු ඇතැයි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් ඊයේ (12) පවසා සිටියා.

මේ වන විට සිදුකරගෙන යන විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීම අනුව විශ්‍රාම වැටුප් ගෙවීම් ජූලි විශ්‍රාම වැටුපෙ සිට ගෙවීම් සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා වන එම සංශෝධනය වෙනුවෙන් මෙම වසර සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 12,000කි.

මෙම විශ්‍රාම වැටුප් විෂමතාව නිවැරදි කිරීමෙන් පසු පහළ මට්ටමේ රජයේ සේවකයකුගේ විශ්‍රාම වැටුප රුපියල් 1600ක් ද, පළමුවැනි පන්තියේ ගුරුවරයකුගේ විශ්‍රාම වැටුප අවම වශයෙන් රුපියල් 4600ක්ද වනු ඇති.

අමාත්‍යංශ ලේකම්වරයකුගේ විශ්‍රාම වැටුප 12,000කින් ද වැඩිවෙන බව එම අයවැය යෝජනාවේ සඳහන්.

ජයන්ත සමරකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here