Home Local මධුමාධව අත්අඩංගුවට ගන්න සාක්ෂි නෑ – නීතිපති අධිකරණයට දන්වයි

මධුමාධව අත්අඩංගුවට ගන්න සාක්ෂි නෑ – නීතිපති අධිකරණයට දන්වයි

301
0

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමයේ මධු මාධව අරවින්ද ගොනුකළ පෙත්සමේ විභාග කටයුතු අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

වගඋත්තරකරුවන් වෙනවෙන් පෙනීසිටි නීතිපති අධිකරණයට දැනුම් දුන්නේ මිනුවන්ගොඩ සිදුවූ කලහකාරී සිදුවීම්වලට අදාළව මධු මාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට තරම් සාක්ෂි නොමැති බවයි.

ඉදිරිපත් වූ කරුණු පිිළිබඳව සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සමේ විභාග කටයුතු අත්හිටුවීමට තීරණය කරනු ලැබුවා.

මෙම පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනුණා.

බුද්ධිමාල් රුබේරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here