Home Local ජනපති තජිකිස්ථානය බලා යයි

ජනපති තජිකිස්ථානය බලා යයි

339
0

කිර්ගිස්තානයේ බිෂ්කේක් නුවර පැවැත්වෙන චීනයේ ෂැංහයි කෝපරේෂන් විසින් සංවිධානය කරනු ලබන “කලාපයේ ගැටළු ” සාකච්ඡා කරන සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (13) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් තජිකිස්තානය බලා පිටත්ව ගියා.

ජනාධිපතිවරයා සමඟ 50කට අධික දූත පිරිසක් ද එක් වී සිටි අතර ඔවුන් අද උදෑසන 10.45ට එමිරේට්ස් ගුවන් සේවයේ EK – 651 දරන ගුවන් යානයෙන් මුලින්ම ඩුබායි බලා පිටත්ව යනු ලැබුවා.

මෙම සමුළුවට රුසියාව , චීනය , ඉන්දියාව ,පකිස්තානය , තජිකිස්තානය , කිර්ගිස්තානය යන රටවල රාජ්‍ය නායකයින් සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද තෙදින සංචාරයක් සදහා සිංගප්පූරුව වෙත ගොස් සිටිනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here