Home Local කැලණිය සරසවිය අසලදී සිසුවියකට පිහි පහරක්

කැලණිය සරසවිය අසලදී සිසුවියකට පිහි පහරක්

512
0

අද(13) උදෑසන 7.10 ට පමණ කිරිබත්ගොඩ පොලිස් වසමේ කැලණිය විශ්වවිද්‍යාලය අසලදී තරුණයෙකු විසින් තරුණියකට මෙම පිහි ඇණුම සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එහිදී තරුණිය තුවාල ලබා ප්‍රතිකාර සඳහා ‍උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 21 ක් වු කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකි.

වයස අවුරුදු 22 ක් වු සැකකරු කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද දින මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here