Home Hit අගමැති සහ පොලිස්පති ආරක්ෂක මණ්ඩලයට නොකැඳවූ හේතුව ජනපති හෙළිකරයි

අගමැති සහ පොලිස්පති ආරක්ෂක මණ්ඩලයට නොකැඳවූ හේතුව ජනපති හෙළිකරයි

854
0

අග්‍රාමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවීම නතර කල හේතුව ජනාධිපතිවරයා අද හෙළිකලා.

“රජයේ නිලධාරීන් මොකක් හරි රැස්වීමකට කැදෙව්වාම ඒගොල්ලන්ගේ අතෙත් ෆෝන් එක තියාගෙන ඇන ඇන ඉන්න එක තමයි කරන්නේ . ඇමති මණ්ඩලයට එන ඇමැතිවරුත් ෆෝන් එක තියාගෙන ඒකට ඇන ඇන ඉන්නවා.

මේ දවස්වල සාකච්ජාවට සංවාදයට ලක්වෙලා තිබෙන ජාතික ආරක්ෂක මණ්ඩලයට අයිති සමහර අයව එන එක තහනම් කෙරෙව්වේ ඒකට ආවහම වාඩිවෙලා ටෙලිෆෝන් දෙකක් තුනක් තියාගෙන ඒකට ඇන ඇන ඉන්න එක තමයි කරන්නේ. ඒක තමයි ඇත්ත තත්ත්වය. රටේ ජාතික ආරක්ෂාවට ගන්නා තීන්දු මොනවද ඒ මොකුත් නැහැ ෆෝන් දෙකක තියාගෙන ඒක දිහා බලාගෙන ඇන ඇන ඉන්නවා.”

ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ සාරවත් දේශයක වාපි සංග්‍රාමය, එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here