Home Tech 35 000ට අභ්‍යවකාශයට යන්න අවස්තාවක්!

35 000ට අභ්‍යවකාශයට යන්න අවස්තාවක්!

975
0

අභ්‍යවකාශ තාක්ෂණය අද එන්න එන්නම දියුණු වෙන ක්ෂේත්‍රයක්. මෙහි අලුත්ම පිම්ම ගැන ඇහුවොත් ඔබට ඇත්තටම පුදුම හිතෙයි. නාසා ආයතනය තීරණය කරලා තියනවා  ජාත්‍යන්තර අභ්‍යාවකාශ මද්‍යස්තානය සංචාරක ව්‍යාපාරය සදහා විවෘත කරන්න.  ඒ අනුව නාසා ආයතනය, පෞද්ගලික සංචාරක ආයතන සදහා අභ්‍යවකාශ මද්‍යස්තානය වෙත සංචාර සංවිදානය කිරීමට අවස්තාව ලබා දී තිබෙනවා.

අදාල සංචාරක ආයතන මෙම පහසුකම ලබා ගැනීම සදහා ඒජන්සියට ඩොලර් 35000 ක මුදලක් ගෙවිය යුතු වෙනවා. නමුත් රොකට් ගුවන් ගමන් සදහා මීට වඩා විශාල මුදලක් සේවාව ලබා ගන්න්නාට ගෙවීමට සිදුවන බව සදහන්.

 මේ වන විට ලාස් වේගාස් වල පිහිටි සංචාරක ආයතනයක් වන Bigelow Aerospace and Houston’s Axiom නම් ආයතනය මේ වන විටත් නාසා ආයතනය සමග මේ සම්බන්දව කටයුතු  කිරීම ආරම්භ කර තිබෙනවා. ඔවුන් දැනටමත් සිව් දෙනෙකු අභ්‍යාවකාශ මද්‍යස්තානය වෙත යැවීමට සූදානම් කර තිබෙන අතර ඒ සදහා ආසන හතරක් සහිත අභ්‍යාවකාශ යානයක් භාවිතා කරනු ලබන බවයි ඔවුන් පවසන්නේ.අභ්‍යාවකාශ මද්‍යස්තානය නඩත්තු කිරීම සදහා වාර්ෂිකව ඩොලර් බිලියන 4 ක මුදලක් වැය වන බව ඒජන්සිය පවනවා. ඉතින් මේ අලුත් සවාරිය ලෝකයට අලුත් අත්දකීමක් ගෙන එනු නොඅනුමානයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here