Home Local දැඩි සුළඟින් ඉරණවිල ප්‍රදේශයේ ධීවර වාඩි කඩාවැටෙයි – PHOTOS

දැඩි සුළඟින් ඉරණවිල ප්‍රදේශයේ ධීවර වාඩි කඩාවැටෙයි – PHOTOS

584
0

හදිසියේ ඇති වූ සුළන් තත්වයක් හේතුවෙන් හලාවත – ඉරණවිල වෙරළබඩ ප්‍රදේශ වල නිවාස ඇතුළු ගොඩනැගිලි කීපයකට අලාභ හානි සිදුවී ඇතැයි පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කර සිටිනවා.

අද (12) අළුයම 1.15 ට පමණ ඇති වූ මෙම සුළග විනාඩි 03ක පමණ කාලයක් පැවත ඇති අතර එම සුළඟින් හලාවත – ඉරණවිල ප්‍රදේශයේ මුහුදු වෙරළේ සාදා තිබූ ස්ථීර ධීවර වාඩියක් සහ තාවකාලික ධීවර වාඩි 02කට පුර්ණ හානි සිදුවී තිබෙනවා.

ඉරණවිල ප්‍රදේශයේම සංචාරක හෝටලයකට, ප්‍රජා ශාලාවකට, පෙර පාසලකට, වෙළද සැළකට සහ නිවාස 11කට අර්ධ හානි සිදුවී ඇතැයි සඳහන්.

ධීවර වාඩි සියල්ල කඩා වැටී ඇති අතර, එක් ධීවර වාඩියක සුන්බුන් වලට යටවීමෙන් ධීවර යාත්‍රාවකටද හානි සිදුවී ඇති අතර හානියට පත් නිවාස වල වහල වලට සෙවිලි කර තිබූ උළු සහ ඇස්බැස්ටෝස් තහඩු මීටර් කීපයක් සුළගට ගසා ගෙන ගොස් තිබෙනවා.

මේ අතර හලාවත වෙරළබඩ ග්‍රාම නිලධාරී වසමේ නිවාස 06කට සහ එක් වෙළද සැළකට සුළග හේතුවෙන් හානි සිදුවී ඇති බවද ආපදා කළමණාකරන ඒකකය සදහන් කරනවා.

සිදුවී ඇති අලාභය ඒ ඒ ප්‍රදේශ වල ග්‍රාම නිලධාරීන් මගින් තක්සේරු කිරීම මහවැව සහ හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් ආරම්භ කර තිබෙනවා.

සුළග හේතුවෙන් ජීවිත හානි හෝ කිසිවෙකුට තුවාල සිදුවී නොමැති අතර හලාවත ප්‍රදේශය හරහා හමා ගොස් ඇත්තේ ටොනේඩෝ සුළගක් බවට විශ්වාස කරන්නේ යැයි පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය සදහන් කරනවා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here