Home Entertainment ලොව ධනවත්ම ගායිකාව ලෙස රිහානා ඉදිරියට

ලොව ධනවත්ම ගායිකාව ලෙස රිහානා ඉදිරියට

709
0

ලොව ධනවත්ම ගායිකාවන්ගේ ලැයිස්තුවේ ඉහලින්ම සිටි මැඩෝනා සහ බියොන්සේ පරදවා රිහානා ඉදිරියට පැමිණ ඇතැයි ලෝ ප්‍රකට ෆෝබ්ස් සඟරාව පවසනවා.

එම සඟරාව පෙන්වා දෙන පරිදි මේ වන විට රිහානා ලෝකයේ ධනවත් ම සංගීතවේදිනියයි.

ලෝක ප්‍රකට ගායිකාවක වන රිහානා පසුගිය වසර 03කට අධික කාලයක් ඇතුළත කිසිදු ගීත ඇල්බමයක් නිකුත් කර නැති නමුත් ඇය වෙනත් ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින බැවින් ඇයගේ වත්කම් ඉහළ ගොස් ඇතැයි සඳහන්.

‘ෆෙන්ටි’ නමින් හැඳින්වෙන රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළෙහි ද හිමිකාරිය වන රිහානා සතු සමස්ත වත්කම ඩොලර් මිලියන 600ක් (බ්‍රිතාන්‍ය පවුම් මිලියන 471) වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

ෆෝබ්ස් සඟරාව වාර්ෂිකව හෙළිදරව් කරන ධන කුවේරයන්ගේ ලැයිස්තු අනුව මේ වසරේ ධනවත්ම ගායිකාවන් සිව්දෙනා වන්නේ අනුපිළිවෙලාන් රිහානා, මැඩෝනා, සෙලින් ඩියෝන් සහ බියොන්සේ යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here