Home Hit බල්ලෝ අරන් යන්න එපා කිව්ව අසාද් සාලිට ෆීල්ඩ්මාර්ෂල්ගෙන් උත්තර – VIDEO

බල්ලෝ අරන් යන්න එපා කිව්ව අසාද් සාලිට ෆීල්ඩ්මාර්ෂල්ගෙන් උත්තර – VIDEO

745
0

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා ඊයේ (11) කැඳවනු ලැබුයේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිවයි.

එහිදී කිහිපවතාවක්ම තේරීම් කාරක සභාවේ සාමාජිකයින් ඔහුට අවවාද කරනු ලැබුවා.

අමාත්‍ය සරත් ෆොන්සේකා ද හමුදාව සම්බන්ධයෙන් අසාද් සාලි විසින් කරන ලද චෝදනාවන්ට පිළිතුරු දෙනු ලැබුවා.

එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“හමුදාව පොලිසිය රාජකාරී කරනකොට මිනිස්සුන්ට කරදර වෙනවා තමයි. ඒක නවත්තන්න බෑ. මොකද ඒ රාජකාරියේදී ජනතාවට කැමති විදියට නෙමෙයි ඒවා කරන්න වෙන්නේ. ඒ නිසා ඒවා ගැන පැමිණිලි කරන එක සාධාරණ නෑ. හමුදාවට පොලිසියට රාජකාරි කරන්න උනොත්, ඒ වාතාවරණය ඇති උනාම එතකොට හුදාවට පොලිසියට ඇඟිල්ල දික් කරන්න එපා. ඒ වාතාවරණය ඇති කරපු කට්ටිය තමා ඒකට වගකියන්න ඕනි. හමදාව ආවම පොලිසිය වගේ නෙමෙයි. හමුදාව පොලිසිය වගේ ග්‍රාමසේවක වගේ වැඩ කරන්නෑ. හමුදාව වැඩ කරන ක්‍රමවේදයක් තියනවා. හමුදාව ඇවිල්ලා ඔළුව අතගාලා, කරුණාකරලා, මට සමාවෙන්න කියලා රාජකාරී කරන්නෑ.” යනුවෙනුයි.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here