Home Business චීනය නව වෙළද සහකරුවා ඉන්දියාව ද ?

චීනය නව වෙළද සහකරුවා ඉන්දියාව ද ?

634
0

ඇමරිකාව හා චීනය අතර ඇතිවී තිබෙන  වෙළද යුද්දය එහි උණුසුම් අවදියක් පසුකරමින් සිටී. තමන් වෙත ඇමරිකාව පැනවූ ඩොලර් මිලියන ගණනක තීරුබදු හේතුවෙන් චීනය මේ වන විට නව වෙළද සහකරුවන් සොයා යාම ආරම්භ කර තිබෙනු දැකිය හැකි ය.ඒ අනුව චීනයේ ඇස් යයොමු වී ඇත්තේ ඉන්දියාව දෙසට ය.

ඇමරිකානු ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහු ගේ පාලනය ආරම්භ කළ කාලයේ පටන් වෙනත් රටවලට පනවා තිබූ ආරක්ෂනවාදී හා ඒකපාර්ශවික වෙළද ප්‍රතිපත්ති මගහැරීම සදහා චීනය විසින් ඉන්දියාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඇමරිකාව විසින් ඉන්දියානු යකඩ සදහා සියයට 25 ක හා ඇලුමිනියම් සදහා සියයට 10 ක තීරුබදු පනවා තිබේ. එමෙන් ම වසරකට ඩොලර් බිලියන පහකට වඩා වැඩි ඉන්දියානු නිෂ්පාදන තොගයක් ගෙන්වීම වෙනුවෙන් ඉන්දියාව සමග අත්සන් කර තිබූ වෙළද ගිවිසුමකින් ඉන්දියාව ඉවත් කිරීමට ට්‍රම්ප් කටයුතු කිරීමත් ස්මග ඇමරිකානු – ඉන්දියානු වෙළද සබදතා ඉරිතලා ගොස් ඇත.

සම්බාදක පැනවීමට දරන ප්‍රයන්ත්නයන්ට අමතරව, ඉන්දියාවට හා අනෙකුත් රටවල් වලට ඉරානයෙන් හා වෙනිසියුලාවෙන් තෙල් මිලදී නොගන්න යැයි බලකරන තත්ත්වයට ඇමරිකාව පත් ව ඇත. ඒ වෙනුවට රුසියාවෙන් ගුවන් ආරක්ෂන පද්දති මිලට ගන්නා ලෙස ඉල්ලා සිටියි.

චීනයේ උප විදේශ ඇමති ෂැන් හන්හුයි පැවසුවේ, චීනය හා එක්සත් ජනපදය අතර වෙළද ගැටුම මෙන් ම ඉන්දියාව හා එක්සත් ජනපදය අතර වෙළද ගැටුම ගත් විට වොෂින්ග්ටනයේ පීඩනයට යටත් ව සිටින රටවල් දෙක් එක් ව සාකච්චා පැවත්වීම යහපත් බවයි. ඔහු එහි දී නොකියා කියන්නෙ චීනය හා ඉන්දියාව නව වෙළද සම්බන්දතා පිළිබදව සාකච්චා කල යුතු බවයි.

 වෙළද ආරක්ෂණවාදය හා ඒකපාර්ශවීය වීම් එන්න එන්නම වැඩි වන බවත්, එක්සත් ජනපදයේ අනෙක් රටවලට හිරිහැර කිරීමේ පුරුද්දට ප්‍රතිචාර දැක්විය යුතුයි” ඔහු පවසයි. එමෙන් ම ඉන්දියාව හා චීනය ගෝලිය වෙලදාමේ දී සාදාරණත්වය ආරක්ෂාකිරිම හා වෙලැද ආරක්ෂනවාදය ප්‍රතික්ෂේප කිරිම  පිළිබදව අවබෝද කර ගත යුතු බවද ඔහු තවදුරටත් පවසයි. අසල්වැසි ජාතියක් සමග ද්විපාර්ශවික සබදතා පවත්වා ගැනීම පිළිබදව එකගතාවයකට පැමිනිම සදහා ද ඔහු තම කැමත්ත පළ කළේ ය. මේ සතියේ දි චීන ජනාදිපති ෂින් ජින්පින්ග් ඉන්දියානු අගමති නරේන්ද්‍ර මෝඩි මහතා හමුවීමට ද නියමිතය. ඒ ෂැන්හයි සහයෝගිතා සමුළුවේදී ය.

චීන ටෙලිකොම් දැවන්තයා වූ හුවාවේ සමග වෙළද ගණුදෙනු පවත්වන රටවල් සමග ඇමරිකාව වෙළද කටයුතු සීමා කිරීමත් සමග චීන- ඇමරිකා වෙළද යුද්දයේ පෙරමුනේ හුවාවේ සමාගම සිටින්නේ ය.

කෙසේ වුවද ආර්තික විශ්ලේෂකයින් පවසන්නේ ට්‍රම්ප් ගේ මේ තීරු බදු යුද්දය ඇමරිකාව අවපාතයකට තලලු කල හැකි ආර්තික උපායක් ලෙස යොදා ගත හැකි බව ය. ඒ අනුව චීන ආර්තික සම්බන්දතා ඉන්දියාව සමග පවත්වාගෙන යනවා යනු ආසියානු ආර්තිකය වෙනුවෙන් තබිය හැකි අලුත් බලාපොරොත්තුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here