Home Local කාන්තාවක් පදවාගෙන ආ මෝටර් රථය ඇළකට පෙරළී නතර වෙයි – PHOTOS

කාන්තාවක් පදවාගෙන ආ මෝටර් රථය ඇළකට පෙරළී නතර වෙයි – PHOTOS

236
0

ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුර අසල මාර්ගයේදි කන්තාවක් විසින් පදවාගෙන පැමිණි මෝටර් රථයක් ඊයේ (11) දහවල් රථයේ වේගය පාලනය කරගැනිමට නොහැකිව මාර්ගයෙ තිබු පාලමක ගැටි ඇළකට පෙරලිමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ තලාපිටිය ප්‍රදේශයේ සිට ගාල්ල නගරය දෙසට යමින් තිබු මෝටර් රථයකි.

අනතුර සිදුවන අවස්ථාවේ එහි එම කාන්තාව සහ ඇයගේ පියා සිට ඇති අතර අනතුරින් මෝටර් රථයට බරපතල හානි සිදුව ඇති අතර ඉන් පාලමටද හානි සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනා කිසිදු තුවාලයක් නොලබා නිරුපද්‍රිතව බේරි ඇති අතර අනතුර සම්බන්ධව ගාල්ල පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here