Home Hit වසා දැමූ ෂැංග්‍රීලා හෝටලය හෙට සිට යළි විවෘත කරයි

වසා දැමූ ෂැංග්‍රීලා හෝටලය හෙට සිට යළි විවෘත කරයි

262
0

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වසා දැමුණු කොළඹ ෂැංග්‍රීලා හෝටලය මේ සතියේ දී යළි විවෘත කරන බව එහි කළමනාකාරිත්වය නිවේදනය කර සිටිනවා.

අප්‍රේල් 21වනදා සිදු වූ ප්‍රහාර මාලාවේ දී ෂැංග්‍රීලා හෝටලයට ද එල්ල වූ ප්‍රහාරයෙන් ජීවිත හානි මෙන්ම හෝටලයට ද දැඩි අලාබ හානි සිදුවුණා.

ඒ අනුව හෙට (12) සවස 06.00 සිට හෝටලය නැවත විවෘත කෙරනු ඇති බවයි කළමණාකාරීත්වය දැනුම් දෙන්නේ.

එසේම ලබන සෙනසුරාදා (15) සිට ස්පා පහසුකම් හා හෝටල් කාමර ලබාදීම ද ආරම්භ වනු ඇති.

ෂැංග්‍රීලා සමූහය වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය සති 07ක කාලයේ දී ලැබුණු සහයෝගය සඳහා දේශීය අධිකාරියන්ට හා ගෝලීය ප්‍රජාවට කෘතඥතාව පළ කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here