Home Local ලොරි රථයක් පෙරළීමෙන් 07දෙනෙකු රෝහලට – PHOTOS

ලොරි රථයක් පෙරළීමෙන් 07දෙනෙකු රෝහලට – PHOTOS

168
0

වවුනියාව, මඩුකන්ද ජාතික පාසල ඉදිරිපිටදී ලොරි රථයක් පෙරළීමෙන් අද (11) උදැසන පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව වවුනියාව, මඩුකන්ද පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ වවුනියාව සිට ත්‍රිකුණාමලය දෙසට ගමන්ගත් ලොරි රථයක් පෙරළි මාර්ගයේ අනෙක් පසට ඇදී ගොස් නතුර සිදුව ඇති බවයි.

ගොම පොහොර රැගෙන ඒම වෙනුවෙන් ගමන්ගත් ලොරි රථයක් පාසල ඉදිරිපස වංගුවේදී පෙරළී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය පැවසූවේ අනතුරින් ලොරි රථයේ ගමන්ගත් 07 දෙනා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බවයි.

වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව, මඩුකන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here