Home Hit ශ්‍රි ලංකා කණ්ඩායම අත්හැර මාලිංග අද නැවතත් ලංකාවට

ශ්‍රි ලංකා කණ්ඩායම අත්හැර මාලිංග අද නැවතත් ලංකාවට

1422
0

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ, හේතුවෙන් අද බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයෙන් පසු තමන් දිවයිනට පැමිණෙන බව ලසිත් මාලිංග සඳහන් කළේය.

මාලිංග පැවසුවේ සිය නැන්දනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදු කිරිමට නියමිත බව ය.

අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු ඉතා ඉක්මණින් යළි කණ්ඩායම සමග එකතුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ලසිත් මාලිංග වැඩි දුරට ත් සඳහන් කළේය.

අද තරගයෙන් පසු ශ්‍රී ලංකාව ලබන සෙනසුරාදා ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්වඩායම සමග තරග වැදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here