Home Local මහනුවර ඇසළ මහා පෙරහැර අගෝස්තු 05වනදායින් ඇරඹෙයි

මහනුවර ඇසළ මහා පෙරහැර අගෝස්තු 05වනදායින් ඇරඹෙයි

293
0

2019 මහනුවර ඇසළ මහා පෙරහැර ලබන අගෝස්තු මස 02 වනදා සිව් මහාදේවලයන්හි කප් සිටිවිමෙන් පසු ආරම්භ කෙරෙන බව දියවඩන නිලමේ තැන්පත් නිළංග දෑල පවසනවා.

එදින සිට පුරා දින 03ක් සිව් මහ දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර 05ක් පැවැත්වෙනු ඇති.

ඉන් පසු පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 05 වනදා විථි සංචාරය කිරිමට නියමිත අතර කුඹල් පෙරහැර අගෝස්තු මස 09 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු මස 10 වනදා විථි සංචාරය කිරීමට නියමිතයි.

දින 05ක් පුරා පැවැත්වෙන රන්දෝලි පෙරහැර අගෝස්තු මස 14 වනදා අවසන් විමට නියමිතයි.

අගෝස්තු මස 15 වන දිනට යෙදෙන සුබ මොහොතින් දියකැපිමේ චාරිත්‍රයෙන් පසු 2019 ඇසල පෙරහැර මංගල්‍ය අවසන් වන බවයි දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here