Home Health ”දිනකට අලුතෙන් පිළිකා රෝගීන් 76ක් ලියාපදිංචි වෙනවා” – වි‍ශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර

”දිනකට අලුතෙන් පිළිකා රෝගීන් 76ක් ලියාපදිංචි වෙනවා” – වි‍ශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර

417
0

ලංකාව තුළ දිනකට පිළිකා රෝගීන් 76 දෙනෙකු අලුතෙන් ලියාපදිංචි වන බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, වි‍ශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර පවසනවා.

ඒ ආකාරයට 2018 වසරේදී නව පිළිකා රෝගීන් 28,000ක් රජයේ පිළිකායතන 24හි ලියාපදිංචි වී තිබෙන බවයි ලේකම්වරයා සඳහන් කළේ.

මේ අතරින් කාන්තාවන් පිළිවෙළින් පියයුරු පිළිකාව, තයිරෝයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාවලට හා ගැබ්ගෙල ආශ්‍රිත පිළිකාවලට මුහුණ දී සිටින බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම පිළිකා මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් නිට්ටාවට සුවකර ගත හැකි බවත්, ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතු බවත් හෙතෙම පවසා සිටියා.

අමිත් මධුරංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here