Home Hit ශ්‍රි ලංකාවේ අද තරගයටත් වැස්සෙන් බාධා

ශ්‍රි ලංකාවේ අද තරගයටත් වැස්සෙන් බාධා

342
0

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද(11) බ්‍රිස්ටල් හීදි පැවැත්වෙයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන සිව්වන තරගය අද බ්‍රිස්ටල් හීදි පැවැත්වෙයි.

මෙම තරගයට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුවට කසුන් රාජිත සංචිතයට කැඳවනු ඇති බවයි වාර්තා වෙයි.

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව මේ වන විට හය වැනි ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය පසුවන්නේ 8 වැනි ස්ථානයේය.

කෙසේවෙතත් අද දිනයේ දීත් තරගයට වර්ෂාවෙන් බාධා ඇති වනු ඇති බව තොරතුරු වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here