Home Local පාස්කු ප්‍රහාර ත්‍රස්තයින්ගේ සියලු විද්‍යුත් උපකරණ අමෙරිකාවට

පාස්කු ප්‍රහාර ත්‍රස්තයින්ගේ සියලු විද්‍යුත් උපකරණ අමෙරිකාවට

177
0

පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් භාවිත කළ සියලූ විද්‍යුත් උපකරණ වැඩිදුර පරීක්ෂණ සඳහා අමෙරිකානු FBI නිලධාරීන් විසින් එරටට රැගෙන ගොස් තිබෙනවා.

එසේ රැගෙන ගොස් ඇත්තේ මේ ගැන පූර්ණ පරීක්ෂණයක් සිදුකර අදාළ තොරතුරු ලංකාව හා හුවමාරු කරගැනීමේ අරමුණෙන් බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගියදා මෙරටට පැමිණි ඉන්දියාවේ ප‍්‍රමුඛතම බුද්ධි ඒකකය වන ජාතික විමර්ශන ආයතනයේ නිලධාරීන් මෙරට බුද්ධි අංශ වෙත පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හා සම්බන්ධතා පැවැත්වූ ඉන්දීය ජාතිකයන්ගේ විස්තර ද ලබාදී තිබෙනවා.

ඒ අතර ඉන්සාෆ් ඊබ‍්‍රහිම් හා ඉල්හාම් ඊබ‍්‍රහිම් යන මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනා ළඟින් ඇසුරු කළ ඉන්දීය ජාතිකයන්ගේ දුරකථන වාර්තාද වනවා.

එසේම අත්අඩංගුවේ සිටින අඩිල් අමීස් සමග සබඳතා පැවැත්වූ ඉන්දීය ජාතිකයන් තිදෙනකුගේ විස්තරද එහි අඩංගු වන අතර මොහු ISIS මතවාදය ප‍්‍රචලිත කිරීම වෙනුවෙන් සමාජජාල හරහා ප‍්‍රමුඛ මෙහෙවරක් කළ අයෙකු බවයි වාර්තා වන්නේ.

ISIS හිතවාදීන් අතර මොහුගේ සමාජ වෙබ් අඩවිය ජනප‍්‍රිය වූ එකක් බවයි සඳහන් වන්නේ.

චතුර පමුණුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here