Home Terrorist_attack ඉස්ලාම් දේශක සාකීර් නායික් ට රතු නිවේදන

ඉස්ලාම් දේශක සාකීර් නායික් ට රතු නිවේදන

894
0

රූපවාහිනි තුල ප්‍රසිද්ද , ඉස්ලාම් දේශකයකු වන සකීර් නායික් මැලේසියාවෙන් පිටුවහල් කරන ලෙස ඉල්ලා අන්තර්ජාතික රතු නිවේදනය නිකුත් කිරීමට පියවර ගනිමින් සිටින බව ඉන්දීය බලදාරින් පවසයි.  මෙම ඉස්ලාම් දේශකයා කලු සල්ලි සුදු කිරීමේ චෝදනාවකට ද වැරදිකරු වන බැවින් ඔහු ව අල්ලා ගැනීම සදහා ඉන්ටර්පෝල් සහය පැතීමට ඉන්දීය බලදාරින් කටයුතු කරමින් සිටියි. ඔවුන් පවසන පරිදි මොහු විසින් වංචා කර ඇති මුදල් ප්‍රමාණය ඩොලර් 27,761,120 ක් පමණ වේ.

සකීර් නායක් අත් අඩංගුවට ගැනීමට පූර්ණ ජාත්‍යන්තර වරෙන්තුවක් ලැබී නැති වුවද මැලේසියාව ඉන්ටර්පෝල් සාමාජික රටක් බැවින් ඔහුව එරටින් පිටුවහල් කිරීම් පිණිස ඉන්දියාව මැලේසියාවට බලපෑම් කරමින් සිටියි. සකීර් නායක් සවුදි අරාබි රාජ්‍යයේ ස්තීර පදිංචිකරුවෙක් ලෙසින් සැලකෙන අතර නමුත් ඔහු දැනට මැලේසියාවේ ජීවත් වනු ලබයි. මොහු දහස් ගණන් අනුගාමිකයන් සිටින රූපවාහිනි ඉස්ලාම් ප්‍රචාරකයකු වන් අතර ඔහු ත්‍රස්තවාදයට සහාය දෙන්නෙකු වශයෙන් ඉන්දියාව හදුනාගෙන තිබේ.  නමුත් නායික් පවසන්නේ තමන්ට විරුද්දව එන මේචෝදනා මෝදි ආණ්ඩුවේ ඉස්ලාම් විරෝදීත්වය සමග එන ඒවා මිස සත්‍ය නොවන බව ය.

නමුත් මුස්ලිම් බහුතරයක් ජීවත් වන බංග්ලාදේශයේ peace TV මගින් ප්‍රචාරණය වන ඔහු ගේ දේශනා වලට එරහිව එරට ජනතාව විසින් ක්‍රියාමාර්ග ගනු ලැබ ඇත. එරට වැසියන් පවසන්නේ 2016 ඩකා අගනුවරට එල්ල කල මාරාන්ත්ක ප්‍රහාරය එල්ල කළ පිරිස නායික් ගේ දේශනා අසා එයින් උද්දාමයට පත් වූවන් බවයි. ඒ අනුව නායික් ත්‍රස්තවාදයට උදව් කරන්නෙකු ලෙස බංග්ලාදේශය පවා හදුනාගෙන ඇත.

කෙසේවුවද නායික් ගේ අතිශය සාම්ප්‍රදායික වහ්බි දේශනා වලට අනුව 2009 නිව් යෝර්ක් මාර්ගයක වූ ප්‍රහාරය සිදුකළ නජිබුල්ලා සසී වැන්නවුන් අගය කරන්නන් ලෙස ඔහු ගේ ප්‍රශංසාවට පාත්‍ර වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here