Home Hit අසාද් සාලි විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි

අසාද් සාලි විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි

313
0

පසුගිය අප්‍රේල් 21 පාස්කු දින රටේ විවිධ ස්ථාන ඉලක්ක කරගනිමින් සිදු කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (11) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වුණා.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වැඩබලන සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

මීට පෙර අවස්ථා 02ක දී විශේෂ කාරක සභාව රැස් වූ අතර අද කාරක සභාව රැස්වන්නේ තෙවැනි දිනටයි.

කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ද අද කාරක සභාව හමුවට පැමිණියා.

වත්මන් ආරක්ෂක ලේකම්, ජාතික බුද්ධි ප්‍රධානි, හිටපු ආරක්ෂක ලේකම්, නිවාඩු ලබා සිටින පොලිස්පතිවරයා මීට පෙර කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here