Home Hit මිනී මරන එක ලංකාවේ සංස්කෘතියේ කොටසක් වෙලා -කාදිනල් හිමි (Video)

මිනී මරන එක ලංකාවේ සංස්කෘතියේ කොටසක් වෙලා -කාදිනල් හිමි (Video)

494
0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර ගැන සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු නිවැරදි ලෙස සිදු කෙරේද යන්න සම්බන්ධයෙන් සැකසහිත බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

අක්මීමන, තල්ගස්යාය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම අදහස් පළ කළේය.

මෙම ප්‍රහාරයන් එක පාර සිදු වු දෙයක් නොවන බවත්, මෙය වසර ගණනක සුදානමක් බවත් මෙය ලංකාවේ වැඩපිළිවෙලක් ද පිටරටින් සංවිධානය වුවක් ද යන්න කියන්න අමාරු බව ද කාදිනල් හිමිපාණන් පැවසීය.

ඒ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ පවා අද වන විට ගැටළුකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් පැවසු එතුමා, මෙය ලංකාවේ සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇතැයි ද කියා සිටියේය.

පසුගිය වසර 40 පුරා මෙය සිදුවු බවත් මිනි මරණවා මොනවත් ඒ සම්බන්ධයෙන් සිදු කරන්නේ නැති බව ද කියා සිටි කාදිනල් හිමිපාණන් මෙම ප්‍රහාරයන් ගැන ද එලෙස සිදු වෙනු ඇතැයි තමාට සැකයක් ඇති බව ද පැවසීය.

මිනිසුන් 300 ක් පමණ මිය ගිය බවත් ඔවුන්ගේ ජීවිතවලට කිසිවෙක් වගකියන්නේ නැති බවත් පැවසු කාදිනල් හිමියන් නිදහසින් පසුව ලංකාවේ පොළව ලේවලින් පිරී ගොස් ඇතැයි ද පැවසීය.

මෙයට හේතුව දේශපාලනය ලෝකයේ විනය නැති බවත් පැවසු උන්වහන්සේ කුඩා පුද්ගලයාගේ සිට ඉහළ නිලධාරියා දක්වා සියලු දෙනා නීති රීති උල්ලංඝනය කරන බව ද කියා සිටියේය.

දේශපාලන නායකත්වය නගර සභාවේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දක්වා මෙවැනි තත්ත්වයක් පවතින බවත්, ඔවුන් තුළත් විනය තිබිය යුතු බවත් ඔවුන් ආදර්ශමත් විය යුතු බවත් පැවසු කාදිනල් හිමියන් පළමුව ඔවුන් තමාටම දඩුවම් ලබා දිය යුතු බව ද පැවසීය.

වසරින් වසර රට නරකාදියට යන බවත් පැවසු උන්වහන්සේ මෙලෙස ගියොත් ශ්‍රී ලංකාව වැඩි කල් දුවන්නේ නැති බව ද පැවසීය.

-Ada Derana-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here